ADA
www.ada.lk
2025 මාර්තු මස 09 වන ඉරිදා
ජනතාවට ලබාදුන් පොරොන්දු ක්‍රියාත්මක කිරීමේදී යම් යම් ප්‍රමාදයන් සිදුවුවත්, ජනතාවට පොරොන්දු වූ ආකාරයටම අල්ලසට දූෂණයට හා වංචාවට තිත තැබීම සඳහා ක්‍රියාත්මක වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
අදට (09දා) යෙදී තිබූ ජාත්‍යන්තර දූෂණ විරෝධී දින සැමරුමට සහභාගීවෙමින් මේ බව සඳහන් කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, අල්ලස, දූෂණය, වංචාව රට තුළින් තුරන් කිරීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවයි. අල්ලස, දූෂණය හා වංචාව පිටුදැකීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට අවශ්‍ය බලතල තවත් අවශ්‍ය නම් එයද පාර්ලිමේන්තුව හරහා ලබාදීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
දූෂණ විරෝධී දිනයට සමගාමීව අල්ලස, දූෂණය පිටුදකිමු තේමාව යටතේ පා ගමනක් පැවැත්වූ අතර, අල්ලස, දූෂණය පිටුදැකීමට කටයුතු කළ පුද්ගලයන් වෙනුවෙන් ට්‍රාන්ස්පෙරෙන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් ලබාදෙන සුපිළිපන් ප්‍රණාමය මෙවර ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාට හිමිවිය.
popular news
අවුරුඳු 40 ට වැඩි සෑම පුරවැසියෙක් ම නිශ්චිත කාලයකදි වෛද්‍ය පරීක්ෂණයකට
අපි මාස තුනට රු. කෝටි. 19000ක් ඉතුරු කළා
සැකකටයුතු ප්‍රාඩෝ රථයක් සමඟ හෝටල් හිමිකරු සහ තවත් අයෙක් අත්අඩංගුවට
පුද්ගලිකව එක් වාහනයක් ආනයනය කළ හැකියි
පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයා ගැන මම දන්නවා
ඊශ්‍රායෙල් රැකියාවට ගිය ඇතැම් ලාංකිකයන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවෙලා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd