රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් හා අගමැති දිමෙත්රී මෙද්වෙදේව් සිය ධුරයෙන් ඉවත්විය යුතු බව පවසමින් රුසියානු ප්‍රධාන විරුද්ධ පක්ෂය පැවැත්වූ විරෝධතාවකදී රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නැවල්නි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රුසියානු අගමැති දිමෙත්රී මෙදෙව්ට එරෙහිව එල්ලවී ඇති දූෂණ චෝදනාවලට විරෝධය දක්වමින් රුසියාව පුරා මෙන්ම රුසියාවේ අගනුවර වෙන මොස්කව්හිදීත් මෙම විරෝධතා පැවැත්වීය.
එසේම විරෝධතාවලට එක්වූ පුදගලයන් 500ක් පමණ පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. මෙම විරෝධතා රැලි පැවැත්වීම සඳහා විරෝධතාකරුවන් අවසර ලබාගෙන නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
2011 හා 2012 වසරවලදී රුසියාවේ පැවැති රාජ්‍ය විරෝධී විරෝධතාවලින් පසුව එරට සංවිධානය කළ විශාලම විරෝධතා රැළිය ලෙස එය සැලකේ.
අත්අඩංගුවට පත් විපක්ෂනායක සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කළේ තමන් හොඳින් බවත්, විරෝධතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යන ලෙසත්ය.
“මම හොඳින්. මාව එළියට ගන්න සටන් කිරීමට අවශ්‍ය නෑ. වෙරෙස්කායා (මොස්කව් ප්‍රධාන මාර්ගය) හරහා ගමන් කරන්න. අපේ දවසේ මාතෘකාව දූෂණයට එරෙහිව සටන් කිරීමයි”
විපක්ෂනායක අත්අඩංගුවට පත්වූ මොහොත