අක්මීමන රත්ජම්බුගහ ප්රදේශයේදී හරක් පැටියෙකු ගිල දමා මිනිසුන්ට කොටුවූ විශාල ප්රමාණයේ පිඹුරෙක් ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ පර්යේෂකයන් විසින් හියාරේ ජලාශ පරිශ්රයට ගෙනවිත් මුදාහරිනු ලැබීය. නිදහස ලැබූ පිඹුරා අසල ඇති ජලාශයට බැස ජලයේ පිහිනා එය තරණය කර වනයට වැදුණේය.