පින්නවල අලි අනාථාගාරය අද (16දා) වැනි සිය 39 වැනි උපන්දිනය සැමරීය. මෙම උපන්දිනය සැමරීම සඳහා උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍ය ජයරත්න හේරත්, සබරගමු මහ ඇමති මහීපාල හේරත්, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් යන මහත්වරු සහභාගී වූහ.
39 වැනි උපන්දිනය සමරන අවස්ථාවේ පින්නවල අලි අනාථාගාරයේ රැකවරණය ලබන ඇතෙකුට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා කිරිබත් කෑල්ලක් කවන අයුරු ඡායාරූපයේ දැක්වේ. මෙයට සමගාමීව පින්නවල අලි අනාථාගාර කාර්යමණ්ඩලය වෙනුවෙන් ඉදිකළ නේවාසිකාගාරය විවෘත කිරීමද සිදුවිය