ඔස්ට්‍රේලියාවේ ප්‍රකට ව්‍යාපාරික ජේම්ස් පැකර්ගේ මෙරට ආයෝජන වැඩපිළිවෙළ යටතේ කෙරන ඉදිකිරීම් සඳහා අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට යොමු කිරීමට කටයුතු කරමින් සිටින බව ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාර් මුස්තපා මහතා පවසා ඇතැයි බී.බී.සී.ය පවසයි.
එහිදී, මේ ආයෝජන ව්‍යාපෘතිය හා කැසිනෝ ක්‍රීඩාව අතර කිසිදු සම්බන්ධයක් මේ අවස්ථාවේදී නොමැති බවද අමාත්‍යවරයා පැවසූ බව බී.බී.සී.ය පෙන්වා දෙයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, මතු වූ විරෝධතා හේතුවෙන් කැසිනෝ ක්‍රීඩාවට ඉඩ දෙමින් පළ කළ ගැසට් නිවේදනය ඉල්ලා අස් කරගෙන, නව ගැසට් නිවේදනය යොමුකරන බවය.