ADA
www.ada.lk
2025 මාර්තු මස 01 වන සෙනසුරාදා
2009 වසෙර්දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවට දරුණු බලපෑමක් ඇති කළේය. එතැන් පටන් ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රධාන රටවල් පාකිස්තානයේ සංචාරය කිරීමට එක් නොවුණ අතර පාකිස්තාන සත්කාරකත්වයෙන් පැවැත්වෙන තරග පැවැත්වූයේ මැදපෙරදිගය.
කෙසේ වෙතත් පාකිස්තානයට යළිත් ක්‍රිකට් වසන්තය කැන්දමින් පාකිස්තාන සුපර් ලීග විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ඊයේ ලාහෝර් නුවරදී පැවැත්විණි. තරගාවලියේ මූලික වටයේ තරග මැදපෙරදිග පවත්වා අවසන් තරගය ලාහෝර් නුවර පැවැත්වීමට තරග සංවිධායකයෝ තීරණය කළහ.
නමුත් ඔවුන්ගේ තීරණයට විදේස් ක්‍රීඩකයන් අසතුටට ප්‍රකාශ කළ අතර ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධනද පාකිස්තානයට යෑමට නොහැකි බව ප්‍රකාශ කළහ.
මෙවැනි වාතාවරණයක් යටතේ තරගාවලියේ අවසන් මහ තරගය පේෂාවර් සැල්මි කණ්ඩායම හ ක්වේට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එම තරගයේ ජයග්‍රහණය පේෂාවර් කණ්ඩායම හිමිකර ගත්තේය. එහි නායකයා ලෙසට කටයුතු කළේ ඩැරන් සැමීය.
බොහෝ විදෙස් ක්‍රීඩකයන් පාකිස්තානයට පැමිණීම ප්‍රතික්ෂේප කරන විට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ඩැරන් සැමී, මාලන් සැමුවෙල්ස් ඇතුළු ක්‍රීඩකයෝ කිහිපදෙනෙක්ම කිසිදු චකිතයකින් තොරව පාකිස්තානයට පැමිණියහ. ඔවුන්ට එංගලනත්යේ ක්‍රිස් ජෝඩන්, කොදෙව්හි රායඩ් එම්රිට්, දකුණු අප්‍රිකාවේ මෝනේ වෑන් වයික්, සිම්බාබ්වේ කණ්ඩායමේ සීන් එර්වින් පාකිස්තානයට පැමිණ පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවට යළි ප්‍රකෘති තත්ත්වයට ගෙන ඒමට සිය දායකත්වය ලබාදුන්නේය.
එසේම මෙහිදී අමතක කළ නොහැකි තවත් චරිත දෙකක්ද වෙයි. ඒ තරගයේ තීරක ලෙස ශ්‍රී ලංකාවේ රොෂාන් මහානාමත්, පිටියේ විනිසුරුවරයෙකු ලෙස ශ්‍රී ලංකාවේ රැන්මෝ මාටිනෙස් කටයුතු කිරීමටත් එක්වීමයි.
මෙම තරගයට පාකිස්තානය ඉහළම ආරක්ෂාවක් ලබාදීමටත් කටයුතු කර තිබුණි.
popular news
පාන් අනුර අල්ලයි
අක්කර කාලක මිරිස් වගාවකින් අස්වනු වාර පහකින් ලක්ෂ 9ක් හොයයි
රු. 6000 වව්චුරය ගන්න කොන්දේසි දැමූ විදුහල්පතිවරයා
ත්‍රිකුණාමලය ගොවියෝ කියපු දේ කරති
ඔස්ට්‍රේලියාවට නව මහ කොමසාරිස්වරියක්
ශ්‍රී පාද වන්දනාකරුවෝ සමනල රක්ෂිතයට වින කරති
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd