ප්‍රමුඛතා මංතීරු ක්‍රමිකව දිවයින පුරා කි‍්‍රයාත්මක කරන බව බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම රජයේ ප්‍රධාන අරමුණක් බවත් සැහැල්ලු දුම්රිය සේවාවක් ලබන වසරේ සිට ක්‍රියත්මක කරන බවත් ඔහු පැවැසීය.
මොරටුව කුරුස හන්දියේ සිට කටුබැද්ද දක්වා ප්‍රමුඛතා මංතීරු කි‍්‍රයාත්මක කිරීමේ සමාරම්භක අවස්ථාවට අද (15දා) එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේය. එයට සමගාමීව වැල්ලවත්ත සැවෝයි මංසන්ධියේ සිට බම්බලපිටිය දක්වාත් අද දින සිට මංතීරු ක්‍රමය කි‍්‍රයාත්මක වේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘අද සිට උදේ 6.00 සිට 9.00දක්වා කොළඹ දෙසට මොරටුව කුරුස හන්දියේ සිට කටුබැද්දටත්, සැවෝයි මංසන්ධියේ සිට බම්බලපිටියටත් පොදු ප්‍රවාහන මංතීරු ක්‍රමයක් අපි හඳුන්වාදී තිබෙනවා. මෙය පර්යේෂණයක් නෙමෙයි, දිගටම කි‍්‍රයාත්මක කරගෙන යනවා.
ඒ සඳහා සියලුදෙනාගේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා. පියවරෙන් පියවර ගාලු පාරෙත්, බත්තරමුල්ල පොල්දූව මන්සන්ධියේ සිට පාර්ලිමේන්තු පාරෙත්, බොරැල්ලේ සිට මරදාන දක්වාත්, 138 මාර්ගයේ යම් කොටසකත් මෙය කි‍්‍රයාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මෙගින් ලැබෙන සාර්ථක අත්දැකීම් මත ඉදිරි කාලයේදී සීඝ්‍රගාමී නව බස් සේවාවක් ඇතිකිරීමේ පසුබිම හදාගන්න බලාපොරොත්තු වෙනවා.
පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම තුළ පමණයි මාර්ග තදබයට විසඳුම තිබෙන්නේ. මෝටර් රථ, යතුරු පැදි වැඩි වැඩියෙන් පාරට ආවයි කියා මාර්ග තදබදයට විසඳුමක් නැහැ. එනිසා දුම්රිය, බස්රිය වගේම වෑන් රථ මගින් පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම තමයි මෙම කි‍්‍රයාවලියේ අරමුණ වී තිබෙන්නේ. ඒ වගේම සැහැල්ලු දුම්රිය හඳුන්වාදීමේ කි‍්‍රයාවලිය ලබන වසරේ අග භාගයේ සිට කි‍්‍රයාත්මක කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා."
ඡායාරූප කිත්සිරි ද මෙල්