ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ වාර්ෂික මලල ක්‍රීඩා උත්සවය වෙනුවෙන් පුවක්ගස් කැපීමට ගිය සිසුවෙකු ගසින් වැටී තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර සිටියදී පෙරේදා (03) රාත්‍රියේ මියගියේය. ඥාතීන් හා පාසල් සිසුන් චෝදනා කරන්නේ අනතුර සිදු වී විනාඩි කිහිපයක් ඇතුළත ප්‍රදීප් රෝහලට රැගෙන ආවද නිසි ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් ඔහුගේ මරණය සිදුවූ බවයි.
මෙසේ මියගියේ පෝද්දල, බාස්වත්තේ පදිංචිව සිටි ප්‍රදීප් කාවින්ද මදනායක (17) නමැති සිසුවෙකි. ඔහු රිච්මන්ඞ් විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියේය. පාසලේ ක්‍රීඩා උත්සවය වෙනුවෙන් තමන් නියෝජනය කරන නිවාසය සෑදීමට අවශ්‍ය පුවක් ගසක් කැපීමට ගොස් සිටියදී ඔහු මේ අනතුරට ලක්ව තිබේ.
අනතුරට පත්වන ස්ථානයේ සිටි සිසුන් පවසන්නේ පුවක් ගස තවත් ගසක හිරවූ විට එය ඇද දැමීමට එතැන තිබූ වෙනත් ගසකට නැගගත් ප්‍රදීප් දිරන ලද අත්තකට පය තැබීම හේතුවෙන් බිම ඇදවැටුණු බවයි. එදින සවස 4.30 ට පමණ කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ගෙනඒමෙන් පසු 58 වැනි වාට්ටුවට ඇතුළත් කළ ප්‍රදීප් පෙරේදා රාත්‍රී 8.30 ට පමණ කරාපිටිය රෝහලේදී මියගිය බවයි.
මියගිය සිසුවා සමග පුවක්ගස් කැපීමට ගිය පසන් රශ්මි අබේවීර (17) සිසුවා මෙසේද පැවසීය.
ප්‍රදීප් වැටුණු වෙලාවේ නහයෙන් ලේ ටිකක් ඇවිත් තිබුණා. අත් දෙක කැඩිලා. අඩි විස්සක් විතර උඩින් තමයි වැටුණේ. අපි පොඩ්ඩක්වත් පරක්කු නොවී රෝහලට රුගෙන ගියා. ඒ වෙලාවේ වෛද්‍යවරැ සහ හෙදියන් අපේ ඇඳුම් ගැන විවේචනය කරමින් හිටියා. ප්‍රදීප්ට ප්‍රතිකාර කරන්න පැයකටත් වැඩි කාලයක් ගත කළා. මේ අය නිසි පරිදි ප්‍රතිකාර කළා නම් මේ දෙය සිදුවන්නේ නැහැ.
මියගිය දරැවාගේ මව එච්.කේ.ජී.සන්ධ්‍යා කුමාරි (47) මෙසේ කීවාය.
පුවක්ගස් කපන්න ගිහින් මේ අනතුර සිදුවුණා. පුතා රෝහලට ගෙන ආ වෙලාවේ මම එතැනට ගියා. මාත් එක්ක පුතා හොඳින් කතා කළා. අත් දෙක කැඩිලා තිබුණා. ඒත් පුතා දිගටම කියපු දෙයක් තමයි බඩ රිදෙනවා කියා. බඩ දැවිල්ලයි කියලත් කිව්වා. පුතා දුඹුරැ පාටට වමනය කරලා තිබුණා. ඒ වෙලාවේ මම එක වෛද්‍යවරයකුට මේ ගැන කිව්වම එයා ඇවිත් බැලුවා. පුතාව පරීක්ෂා කරමින් ඉන්න අතරේ එයාගේ දුරකථනයට කෝල් එකක් ආවා. එතකොට ගිහින් පැය භාගයකට විතර පස්සේ ඇවිත් බලලා හෙදියකට කිව්වා මුත්‍රා මනින්න කියා. වෛද්‍යවරැන් එය වැඩිය තැකීමක් කළේ නැහැ. බඩ රිදෙනවා කිව්වම කළේ කරලක් පිටුපසින් ඇතුළු කිරීම. එතකොට වේදනාව නැති වුණා. ශල්‍යකර්මයක් කරනවා කිව්වත් ඒක කළේත් නැහැ. නමුත් ඒ ශල්‍ය කර්මය කරන්න හැදුවේ අත් දෙක හදන්න විතරයි. පුතාට හුස්ම ගන්න අමාරැ බවත් දිගින් දිගටම කිව්වා. හෘදය නතර වුනාම තමයි හැමෝම හේතුව හොයන්න ගත්තේ. ඊට පස්සේ වෛද්‍යවරැ කතා කරලා අපිට කිව්වා පුතාගේ ජීවිතය බේරාගන්න බැරි බව. 03 දා සවස රෝහලට ගෙනවිත් හොඳට කතා කර කර හිටපු පුතාගේ බඩවැල්වලට හානි සිදුවෙලා කියා මේ වෛද්‍යවරැන්ට සොයාගන්න බැරිවුණා. මේ වගේ දේවල් තවත් කරන්න එපා කියා මම ඉල්ලා සිටිනවා*.
මේ මරණය සම්බන්ධයෙන් කරැණු දැන ගැනීමට කරාපිටිය රෝහලේ අධ්යක්ෂවරයා හෝ නියෝජ්‍ය අධ්යක්ෂවරයා හමුවීමට අප උත්සාහ ගත්තද රජයේ නිවාඩු දිනයක් බැවින් ඔවුන් හමුවීමට නොහැකි විය.
රිච්මන්ඩ් විද්‍යාලයේ බලධරයෙකු කියා සිටියේ මේ මරණය පාසල් අවශ්‍යතාවක් සඳහා ගොස් සිටියදී සිදුවූවක් වුවද පාසල් කාලයෙන් පසු සිදුව ඇති බවයි. දරැවන් එවැනි කාර්යයකට සම්බන්ධ වීමෙන් සිදුවූ අනතුර අතිශය අවාසනාවන්ත සිද්ධියක් බව ද කියා සිටි හෙතම බදාදා (අද) පැවැත්වීමට නියමිත ක්‍රීඩා උත්සවය දින නියමයක් නොමැතිව කල් දැමූ බවද, කියා සිටියේය.
සිරංගිකා ලොකුකරවිට