ගල්ඔය ජාතික වනෝද්‍යානයට මායිම්ව පිහිටි නිල්ගල රක්ෂිතය තුළ සිදුවන කැලෑ විනාශය පාලනය කිරීම සඳහා මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් වනාන්තරයේ ගස් දහසක් සඝසතු කිරීමේ මහෝත්සවයක් අද (11) මැදගම අලුත්වෙල අක්කර 60 ප්‍රදේශයේදී සිදු කෙරිණ.
මෙම ගස් සඝසතු කිරීමේ උත්සවය සංවිධානය කරනු ලැබුවේ මොණරාගල ප්‍රදේශයේ පාරිසරික සංවිධානය රැසක එකතුවෙනි.මෙවැනි ගස් විශාල ප්‍රමාණයක් එකවර සඝසතු කිරීමේ උත්සවයක් මෙරට සංවිධානය කරන ලද්දේ ප්‍රථම වරටය. බිබිල නාගල රජමහා විහාරාධිපති බදුල්ලගම්මන සුමනසාර හිමියන්ගේ අනුශාසකත්වයෙන් මහා සංඝයාවහන්සේලා 60 නමකගේ සහභාගීත්වයෙන් මෙම වැඩ පිළිවෙලළ ක්‍රියාත්මක කෙරිණි.
ලුණුගල සමන් කුමාර