රටේ පවතින නියං තත්ත්වය මිනිස්සුන්ට මෙන්ම සතුන්ටද බලපා තිබේ. රටේ විවිධ ප්‍රදේශවලට වැසි ලැබුණත් නැගෙනහිර ඇතුළු ප්‍රදේශ ගණනාවකට තවමත් වැසි ලැබී නැත.
යාල ජාතික වන උද්‍යානය තුළද පවතින අධික නියං තත්ත්වය හේතුවෙන් විල්ලූ විශාල ප්‍රමාණයක් සිඳී ගොස් ඇත. මේ හේතුව නිසා යාල ජාතික වන උද්‍යානය තුළ ඇති වැව්වලට දිවා කාලයේ මුවන්, ගෝනුන්, කුළුහරක් සහ විවිධ සතුන් සුලභව ඇදී එනු දැකගත හැකිය.