ප්‍රකාශයක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මහතා කෙසෙල්වත්ත පොලීසියට පැමිණ තිබේ
.
ලබන 24 වනදා අධිකරණයේ පෙනී සිටින බවට සටහනක් තබා හෙතෙම පිටව ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.
ධම්මික රණතුංග මහතා විසින් මහාධිකරණ පරිශ්‍රයේදී පසුගියදා මාධ්‍යවේදීන්ට තර්ජනය කර ඡායාරූපගත කිරීමක් ද සිදු කරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කෙසෙල්වත්ත පොලීසියට පැමිණිලි කළ අතර පොලීසිය අධිකරණය හමුවේ කරුණු වාර්තා කිරිමෙන් පසු අධිකරණය මඟින් ධම්මික රණතුංග මහතාට එරෙහිව නොතීසි නිකුත් කරනු ලැබීය.
ඡායාරූප ළහිරු හර්ෂන