දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන් රැගෙන ආ එළවළු හා අමුමිරිස් කිලෝ 40,000 ක් පමණ අලෙවි නොවීම නිසා දිගම්පතන රජයේ රක්ෂිතයට රැගෙන ගොස් අලින්ට කෑමට හැලීමට ඊයේ (22 දා) සිදුවිය.
මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට විශාල වශයෙන් ගොවි නිෂ්පාදන ලැබෙන බවත්, ඒවා මිලදී ගැනීමට ප්‍රමාණවත් වෙළෙන්දන් නොපැමිණීම අලෙවි නොවීමට හේතුවී ඇතැයි වෙළඳ සංගමයේ සභාපති යූ.බී. ඒකනායක මහතා පවසයි.
මෙසේ ඉවත්කෙරුණු එළවළු අතර, අමුමිරිස් විශාල වශයෙන් තිබුණු අතර, ගෝවා, රාබු, නෝකෝල්, දඹල, මෑකරල්, වට්ටක්කා, බණ්ඩක්කා, නිවිති, තක්කාලි, සහ බීට් රූට් ආදිය වෙයි.
ගෝවා කිලෝවක් රුපියල් පහකට හෝ අලෙවි නොවෙති. තක්කාලි කිලෝවක් රැපියල් 10 කි. බණ්ඩක්කා රුපියල් 10 – 15 ත් මිල වෙයි. වට්ටක්කා රුපියල් 10 කි. දඹල කිලෝවක් රුපියල් 5 න් 8 ත් අතර මිලකි. මෑකරල් රුපියල් 10 කි. අමුමිරිස් කිලෝවක් රුපියල් 10 සිට 30 දක්වා මිලකි. ඒත් අලෙවි නොවෙති.