එක් හිමිකරුවෙකුට පමණක් අයත් දකුණු ආසියාවේ විශාලතම අලෙවි පරිශ්‍රය බවට පත්වෙමින් නව හවුස් ඔෆ් ෆැෂන් නව මහල් මන්දිරය ඊයේ (04දා) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් බොරුල්ල, සේනානායක මාවතේදී විවෘත කෙරිණි.
මහල් නවයක් පුරා විහිදුණු නව හවුස් ඔෆ් ෆැෂන් අලෙවි පරිශ්‍රය වර්ග අඩි 250,000 කින් යුතු වන අතර, එක විට වාහන 350 ක් ඉක්මවා නවතා තැබිය හැකි වාහන නැවතුම් අංගනයක්ද මීට අයත් වෙයි.
1992 වසරේදී ප්‍රීති හා නීලා ජයවර්ධන යුවළ ඇරඹූ 'හවුස් ඔෆ් ෆැෂන්' නිමි ඇඳුම් ව්‍යාපාරය 1999 දී ඩුප්ලිකේෂන් පාරේ හවුස් ඔෆ් ෆැෂන් පරිශ්‍රයට ගෙවදුනි. සිය ව්‍යාපාරික ගමන් මගේ සාර්ථකත්වයත් සමග එක් හිමිකරැවෙකුට පමණක් අයත් දකුණු ආසියාවේ විශාලතම අලෙවි පරිශ්‍රය බවට පත්වෙමින් බොරුල්ල, සේනානායක මාවතේදී හෙට (06දා) සිට මහජනතාව වෙනුවෙන් විවෘත වීමට නියමිතය.