ADA
www.ada.lk
2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා
ශිෂ්‍ය ගැටලු විසඳන ලෙසට ඉල්ලා සිදුකළ සාමකාමී පා ගමනට තුන් කුලුඳුල් ආණ්ඩුව පත් වී මාස තුනක් ගත්වීමටත් පෙර ඔවුන්ගේ මැර හමුදාව යොදාගෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ලකළ බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරයි. පෞද්ගලික විශ්වවිද්‍යාල ආහෝසි කරන ලෙසට සහ පාසල් දරුවන්ගෙන් මුදල් එකතු කිරීමට නිකුත්කර තිබෙන චක්‍ර‘ලේඛය අහෝසි කර මහපොළ ශිෂ්‍යාධාර මුදල වන රුපියල් හාරදහසක මුදල නිවැරදි ලෙස ලබාදෙන ලෙස ඉල්ලා ඊයේ (31දා) අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිට අරලියගහ මන්දිරය දක්වා ශිෂ්‍ය පා ගමනක් සංවිධානය කර තිබිණි. මෙම පා ගමන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිට අරලියගහ මන්දිරය දක්වා ගමන් කරමින් සිටියදී කොල්ලුපිටිය මංසන්ධියේදී පොලීසිය මාර්ග බාධක යොදා එය නැවැත්වීමට උත්සාහ කළේය. එම අවස්ථාවේදී ශිෂ්‍යයන් සහ පොලීසිය අතර යම් උණුසුම් තත්ත්වයක් හටගැනීම නිසා පොලීසිය ජල ප්‍රහාරක රථ යොදා ජල ප්‍රහාරයක් එල්ල කළ අතර, පසුව බැටන් පොලු ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කළේය. බැටන් පොලු ප්‍රහාර එල්ල කිරීම නිසා පා ගමනට සහභාගී වූ ශිෂ්‍යයන් කිහිප දෙනෙකු තුවාල ලැබූ අතර, ශිෂ්‍යයන් හතර දෙනෙකු පොලිස් අත්අඩංගුවටද පත්විය. මේ නිසා අත්අඩංගුවට ගත් ශිෂ්‍යයන් මුදාහරින ලෙස ඉල්ලා කොල්ලුපිටිය මංසන්ධිය අසලදී මාර්ගය හරස් කරමින් බිම වාඩි වූ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සත්යග්රහයක්ද පැවැත්වූහ. පැයකට අධික කාලයක් බිම වාඩි වී සත්‍යග්‍රහය සිදුකළ අතර, පසුව ශිෂ්‍යයන් හතරදෙනා මුදාහැරීමත් සමග ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විසිර ගියහ. එහිදී මාධ්‍යයට අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික මහතා සඳහන් කළේ, යහපාලනයක් ඇතිකරන බව පවසමින් බලයට පත් වූ ආණ්ඩුව සිදුකරන මෙම ම්ලේච්ඡ ක්‍රියාවට එරෙහිව පාසල් දරුවන්ගේ දෙමාපියන් ඇතුළු සමස්ත ජනතාවටම නැගී සිටිය යුතු බවයි. ශිෂ්‍යයන්ට ඇති වී තිබෙන ගැටලු විසඳාගැනීමට ශිෂ්‍යයන් කටයුතු කරන විට ම්ලේච්ඡත්වය මුදාහැරීමට කටයුතු කරනවා නම්, ඉදිරියේදී ශිෂ්‍ය ගැටලු විසඳාගැනීමට ශිෂ්‍යයන්ගේ දෙමාපියන් සහ වෘත්තීය සමිති එකතු කරගෙන මෙම සටන ගෙනයන බවද ඔහු පවසා සිටියේය.
ඡායාරූප ශමීර රාජපක්ෂ
popular news
කතරගම එන බැතිමතුන්ට බස්නායක නිලමේගෙන් දැනුම් දිමක්
ප්‍රසිද්ධ ස්ථාන අපවිත්‍ර කලොත් P H I ලා Clean කරයි ....
රුපියල් කෝටි නවයකින් එළුවන් 23 ක් බිහිකළ එළු අභිජනන ව්‍යාපෘතිය
අයියර්ගේ වාර්තාව විනාඩි කිහිපයකින් පාන්ට් බිඳ දමයි
මාලිමා මන්ත්‍රීවරුන්ගේ වැටුප් මාලිමාවේ පොදු අරමුදලට
ඇඟිලි සලකුණු සටහන් යන්ත්‍ර යෙදුවාට සෞඛ්‍ය වෘත්තීය සමිතයක විරෝධය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd