ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 30 වන බදාදා
තායිලන්ත භූමිබෝල් අදුල්යාදෙජ් රජුගේ 88 වැනි ජන්ම දිනය සමරනු වස් අද (11දා) බයික් ෆෝ ඩෑඩ් යනුවෙන් ප්‍රදර්ශන පාපැදි තරගාවලියක් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා තායි තානාපති කාර්යාලයේ මෙහෙයවීමෙන් පැවති මෙම ප්‍රදර්ශන පාපැදි තරගාවලියට ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් පාපැදි තරගකරුවන් රාශියක් හා මෙරට වෙසෙන තායිලන්ත ජාතිකයෝ රැසක් සහභාගී වූහ.
ප්‍රදර්ශන පාපැදි තරගාවලිය නිදහස් චතුරස්‍රය අභියසින් ආරම්භ වී කිලෝමීටර් 3.4 ක් දුර ගමන් කර අවසන් විය. භූමිබෝල් රජුගේ ජන්ම දිනය රටවල් 70 ක තායි ජනයා බයික් ෆෝ ඩෑඩ් ලෙස සැමරූ අතර, මෙරට ප්‍රදර්ශන පාපැදි තරගය ඇරඹීමට ප්‍රථම තායිලන්ත තානාපතිවරයා විශේෂ දේශනයක්ද පැවැත්වීය.
popular news
සිරි දළඳා වන්දනාකරුවෝ නොසන්සුන් වෙති
මට සාධාරණයක් ඉටුවෙයිද කියා ගැටලුවක් තිබෙනවා
දේශබන්දු මුදාහරියි, අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කරන්නැයි කියයි
හමුදා නිලධාරියාට බැන්න පොලිස් නිලධාරියාට වැඩ වරදියි
දිනපතා ඉගෙන ගත්ත දේ නැවත පාඩම් කළා - ජෛව පද්ධති තාක්ෂණවේදයේ පළමුවැනියා
කළාවැවේ ජල කාන්දුවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd