තායිලන්තයේදී නිමවන ලද දඹරන් බුදු පිළිම වහන්සේලා සත් නමක් අද (11දා) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙන් මෙරටට වැඩම කළහ.
සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම හිමියන්ගේ මූලිකත්වයෙන් මෙම පුණ්‍යකර්මය සිදුකෙරිණි.
සම්බෝධි විහාරයේ විශේෂයෙන් ඉදිකරන ලද සුදුහඳුන් මාලිගාවේ මෙම පිළිම වහන්සේලා තැන්පත් කෙරෙන අතර, එළඹෙන වෙසක් පුන්පොහෝ දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් එය විවෘත කිරීමට නියමිතය.
ජනතාව විසින් පූජා කරන ලද රන්භාණ්ඩ තායිලන්තයට ගෙනගොස් එහිදී මෙම රන් පිළිම නිපදවා තිබේ.