හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය නැවත වතාවක් දේශපාලනයට එනවා කියලා කතාවක් තිබුණා. එහෙත් ඇයට විශාල ජනප්‍රියත්වයක් නැහැ කියලයි බොහෝ අය කිව්වේ. කොහොම වුණත් ඊයේ (11 දා) ඇය සහභාගී වූ සාකච්ඡාවක් ආවරණය කිරීමට පැමිණි මාධ්‍ය වේදීන් ඇගේ ප්‍රකාශයක් ලබා ගැනීමට දැක්වූ උනන්දුව අනුව ඇය තාමත් මාධ්‍යයට නම් හොඳ ප්‍රවෘත්තියක් බව පැහැදිලි වෙනවා.