සරල සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද ත්‍රිපිටක ග්රන්ථ 03 ක් අද (22) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පිළිගැන්වීම ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. ත්‍රිපිටක ග්රන්ථ සම්පාදන මණ්ඩලයේ සභාපති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහ නායක හිමි පුජ්‍ය දවුල්දෙන ඥානීස්සර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ග්රන්ථ එළිදැක්වීම සිදුකෙරිණි. බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.