දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටින සීබ්රා යුවළකට දාව පෙරේදා (01දා) අලුයම ගැහැනුසීබ්රා පැටවෙකු ඉපදී ඇතැයි සත්වෝද්‍යාන සහකාර අධ්‍යක්ෂිකා අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය පැවසුවාය.
සීබ්රා පැටවුන් ඉපදී තත්ත්පර ගණනකින් සිට ගැනීමට උත්සාහ කරමින් ඇවිදින බවත්, මෙම පැටවාද මේවනවිට උද්‍යානයේ සිය මව සමගින් ඇවිදිමින් යහපත් ශරීර සෞඛ්‍ය‘යෙන් සිටින බවත් ඇය ප්‍රකාශ කළාය.
මේවනවිට සීබ්රා ගැහැනු සතුන් සිවුදෙනෙකු සහ පිරිමි සතුන් දෙදෙනෙකුද සිටින අතර මව, 'සරණි' ලෙසින්ද, පැටවා 'චාන්දනී' ලෙසින්ද නම් තබා එහි සත්ත්ව භාරකරු වන චන්දන මහතාගේ අධීක්ෂණයෙන් පැටවා මේවනවිට සුරක්ෂිතව සිටින බවද අනෝමා මහත්මිය වැඩිදුරටත් පවසා සිටියාය.
දෙහිවල - එච්.එම්. ධර්මපාල