රුසියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්රීපාල සිරිසේනමහතා හා රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පූටින් මහතා අතර, නිල හමුව අද (23දා) පස්වරුවේ සිදු විය. එම හමුවේ විශේෂ මතක සැමරුමක් ලෙස ව්ලැඩ්මිර් පුටින් මහතාගෙන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට සුවිශේෂී තිළිණයක් පිරිනැමිණි.
19 වැනි සියවසට අයත් මහනුවර යුගයේ රාජකීය කස්තානයක් මෙලෙස ව්ලැඩ්මිර් පූටින් මහතා විසින් ජනාධිපතිවරයාට පිළිගන්වනු ලැබීය.1906 දී පමණ එංගලන්තය වෙත රැගෙන ගොස් ඇති මෙම කස්තානය එංගලන්තයේ පැවැති Sotheby නම් කෞතුක භාණ්ඩ වෙන්දේසියේදී රුසියාව විසින් මිලදී ගෙන තිබේ.