ජනපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ට එල්.ටී.ටී.ඊ. සංවිධානයට පණිවුඩ ගෙනයන ලෙසට දැනුම් දුන් බවත්, ඒ පිළිබඳව ජනපතිවරයා මෙන්ම හැමෙදෙනෙක්ම දන්නා බවත් හිටපු නෝර්වේ ජාතික සාම නියෝජිත එරික් සොල්හයිම් ට්විටර් පණිවුඩයකින් සඳහන් කරයි.
එසේම චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තමාගේ හොඳ මිතුරියක වන බවත් හෙතෙම තවදුරටත් සඳහන් කරයි.
ශ්රී ලංකාවේ සාම ක්රියාදාමය පිළිබඳව ලියන ලද පොත පිළිබඳව අදහස් දක්වමින් හෙතෙම මෙම අදහස් දක්වා ඇත. එම පොත එළඹෙන වසරේදී නිකුත් කිරීමට නියමිත බවද හෙතෙම සඳහන් කරයි.