නව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා හා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අද පෙරවරුවේ මහනුවර දළඳා මාලිගාවට පැමිණ දළඳා සමිදුන්ගේ ආරක්ෂාව ලබාගත්තේය.
ඉන් අනතුරුව ඔවුහු මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දුටූහ.
ජනපතිවරයා අද පස්වරු 2.00ට දළඳා මාලිගාවේ පත්තිරිප්පුවේ සිට ජාතිය ඇමතීමට නියමිතය.