ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සිවුදින නිල සංචාරයක් සඳහා නොවැම්බර් 01 වැනිදා තායිලන්තය බලා පිටත්ව යාමට නියමිතය.
තායිලන්තය හා ශ්රී ලංකාව අතර ද්විපාර්ශ්වික රාජතාන්ත්රික සබඳතා ශක්තිමත් කර ගැනීම මෙම සංචාරයේ ප්රධාන අරමුණ වේ.
මහියංගණයේ තැන්පත් කර ඇති කේශ ධාතු තායිලන්තයේ ප්රදර්ශනය සඳහා වැඩම කරවීමද ජනාධිපතිවරයාගේ තායිලන්ත සංචාරයට සමගාමීව සිදුවේ.
තායිලන්ත අග්රාමාත්ය ජනරාල් ප්රියුත් චාන්ඩ්වා මහතාගේ නිල ආරාධනාවකට අනුව තායිලන්තයේ සංචාරය නිරත වන ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා, තායිලන්ත රජු හා එරට අග්රාමාත්යවරයා හමුවී නිල සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.
එමෙන්ම තායිලන්තයේ ව්යාපාරික සමුළුවකටද ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතය.