ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා
ගිනිගත්හේන පේරගොල්ල ප්‍රදේශයේ හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය අබියස දෙමහල් ගොඩනැගිල්ලක් සහිත වෙළෙඳසැලක් ගිලා බැසීම හේතුවෙන් එම දෙමහල් ගොඩනැගිල්ලට පහළින් වූ නිවාස දෙකක පදිංචි පවුල් හයක් එම ස්ථානයෙන් ඉවත් කළ බව ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම් ආර්.ටී.පී. සුමනසේකර මහතා සඳහන් කළේය.
ඒ අනුව ඊයේ (06දා) පස්වරු 05.00ට පමණ මෙම ගිලා බැසිම පටන් ගත් බවත් අද (07දා) අලුයම වනවිට ගිලා බැසිම ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බවත් ප්‍රාදේශීය ලේකම්වරයා පවසා සිටියේය.
මෙම ගිලා බැසිම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ කොටසක්ද ගිලා බැසීමේ අවදානමක් පවතින නිසා එම ගිලා බසින ස්ථානයේ රථ වාහන ගමනාගමනය එක් මංතිරුවකට පමණක් සීමා කර ඇත.
මහවැලි ගඟේ ප්‍රධාන අතු ශාඛාවක් වන හැටන් ඔයට ඉහළින් මෙම ගිලා බැසිම ආරම්භ වි තිබෙන අතර ගිලා බසින දෙමහල් ගොඩනැගිල්ල අවහන් හලක් සේ පවත්වාගෙන ගොස් ඇත.
මේ ගිලා බැසීම හේතුවෙන් ඊට පහළින් වු නිවාසවල පදිංචිකරුවන් මෙම අවදානම් තත්ත්වය පහව යන තෙක් එම ස්ථානයෙන් ඉවත්වන ලෙස උපදෙස් ලබාදුන් බවත් මේ සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වෙත දැනුම් දීමක්ද සිදුකරන ලද බවද ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය.
මීට අමතරව එම ස්ථානයේ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය පාලනය කිරීම සඳහා දිවා රාති‍්‍ර දෙකෙහිම රාජකාරිය සඳහා ගිනිගත්හේන පොලිස් නිලධාරීන් අනුයුක්ත කර තිබේ.
ජායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ
popular news
දළාඳ වන්දනාවනට අද එන්න ඉන්න අය වෙනත් දිනයක එන්න
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
සුනඛයෙක් නිසා අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට - පුතා දඹුල්ල රෝහලට
මුස්ලිම්වරුන්ගෙන් කතෝලිකයන්ට ආචාර්යක් ලෙස මව්ලවි වරයෙක් කාදිනල් හිමිපාණන් සිප වැලඳගනියි
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
මන්ත්‍රී චාමර සම්පත් යළි රිමාන්ඩ්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd