ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ල ලබාදීමේ වැඩසටහනෙහි දෙවැනි අදියර අද (27) දින යාපනය, වීරසිංහම් ශාලාවේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. නැවත පදිංචි කිරීම්, ප්‍රතිසංස්කරණ හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන්, ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිනී රෝසි සේනානායක, කාන්තා කටයුතු පිළිබද නියෝජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන්, ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, සරවන භවන් යන මහත්ම මහත්මීන් ද, ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද සහභාගි විය.