ගාල්ල නගරයට ඊයේ(12දා) රාත්‍රි යේ ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව නිසා පවුල් 1960 අසරණවී ඇති බව ගාල්ල වැඩ බලන දිසාපති ප්‍රදීප් රත්නායක මහතා පවසයි.
මේ නිසා ගාල්ල නගරය ආශ්රිත පහත් බිම් රැසක් ජලයෙන් යට වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.
මෙම වර්ෂාව නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල කඩවත්සතර, අක්මීමණ, බෝපේ පෝද්දල හා බලපිටිය යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල සීමා වලට දැඩි අලාභ හානි සිදු වී තිබිණි. ා
ගාල්ල වැඩ බලන දිසාපති ප්‍රදීප් රත්නායක මහතා පවසන ප්‍රාදේශීය ලේකම් කාර්යාල සීමා හතර තුළ පවුල් 1960 කට අයත් ජනතාව 7736 දෙනෙකු පීඩාවට පත් වී ඇත.
මෙයින් ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල සීමාව තුළ පවුල් 1509 කට අයත් සාමාජිකයින් 6061 ක් ද බෝපේ පෝද්දල පවුල් 92 කට අයත් සාමාජිකයින් 406 ක් ද, බලපිටිය පවුල් 180 කට අයත්සාමාජිකයින් 560 ක්ද අක්මීමණ පවුල් 179 කට අයත් පවුල් 709 ක් ලෙස වෙයි.
එසේම දිස්ත්‍රික්කය තුළ නිවාස හානිවීම් 150 ක් ද පස් කදු කඩා වැටීම් 20 කට ආසන්න ප්‍රමාණයක් ඇති බව ද දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.
පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් පිසු ආහාර ලබා දීම දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබිණි.
ජල ගැලීම් තත්වය නිසා ගාල්ල දංගෙදර , ගල්වඩුගොඩ, කනම්පිටිය, දේද්දුගොඩ, ඩික්සන් හන්දිය , සරෙන්තුකඩේ, ගාල්ල කොග්ගල කඩේ හන්දිය,සමඟිවත්ත, ඩිඩිස්වත්ත, කලේගාන හන්දිය, නුගදුව ඇතුළු ප්‍රදේශ ජලයෙන් යට වී තිබිණි. මොරගොඩ ඇළ පිටාර ගැනීම නිසා මෙම තත්වය ඇති වී තිබිණි.
රවීන්ද්‍ර ලියනගේ