ගාල්ල නගරය සහ අවට ප්‍රදේශවල ඊයේ (08) පැවතී මහා වර්ෂාව සමග මහා මුහුදේ ටොනේඩෝවක් වැනි තත්වයක් ඇතිවූ බව ගාලු වැසියෝ පවසති.
ගාල්ල කොටුව ප්‍රදේශයේ ඈත මුහුදේ මෙම තත්වය ඇතිවී තිබෙන අතර එය විනාඩි 05ක් පමණ කාලයක් තිබු බවත් මහා ජල කන්දක් අහසට ගිය බවත් ඔවුහු පැවසුහ.
ගාල්ල කඩේ වැල්ල සහ රත්ගම වැල්ලේ ප්‍රදේශවල ධීවරයින් මේ තත්වය දැක කුනාටු තත්වයක් ඇතිවිය හැකි බැවින් ධීවර කටයුතු නවතා ගොඩබිමට පැමිණ ඇත.
රවීන්ද්‍ර ශ්‍රී ලාල්