කොළඹ ගාලු මුවදොර පිටියේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පවත්වනු ලැබූ දේව මෙහෙය සඳහා ගල්ගමුව දේවස්ථානයෙන් රැගෙන ආ ශුද්ධ වූ කුරුසිය නැවතත් එම දේවස්ථානයට රැගෙන යන බව ශ්‍රී ලංකා කතෝලික සභාවේ ජනසන්නිවේදන අධ්යක්ෂ ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ප්‍රකාශ කළේය.
1980 දශකයේදී කතෝලික දහම ප්‍රචාරය පිණිස ජුසේවාස් පියතුමා ශ්‍රී ලංකාවට පැමිණි සමයේදී එවකට ගල්ගමුව ප්‍රදේශයේ අලි ප්‍රහාර දරුණුව තිබූ අතර ජුසේවාස් පියතුමාට අයත් ශුද්ධ වූ කුරුසිය එම ප්‍රදේශයේ ජනතාවට ලබාදීමෙන් අනතුරුව එහි අර්බුදකාරී තත්ත්වය සමනය වූ බව පැවසෙයි.
වසර 200කට වඩා පැරණි මෙම ශුද්ධ වූ කුරුසිය ජුසේවාස් පියතුමා ශුද්ධවර පදවියට එසවීමෙන් අනතුරුව වෙනත් විශේෂ ස්ථානයකට රැගෙන යනු ඇතැයි ඇතැමුන් මත පළකළද එය කිසිසේත්ම ගල්ගමුව දේවස්ථානයෙන් වෙනත් දේවස්ථානයකට රැගෙන නොයන බව සිරිල් ගාමිණී පියතුමා පැවසූහ.
ජුසේවාස් පියතුමාණන් ශුද්ධවරයට එසවීමෙන් අනතුරුව මේ වනවිට හතරක් හෝ පහක් වන උන්වහන්සේගේ නමින් ඉදිකළ කතෝලික දේවස්ථාන සංඛ්‍යාව ඉදිරියේදී ඉහළ යනු ඇති බවත් සිරිල් ගාමිණී පියතුමා 'අද' පුවත්පතට පැවසූහ.
ශිවන්ති ප්‍රනාන්දු / නදීෂානි පතිරණ/ජායාරූප ක්‍රිෂාන් රණසිංහ