ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටි මගී ජනතාව විශාල වශයෙන් ගැවසෙන දුම්රිය ස්ථාන මගී ජනතාවට සහ සංචාරකයින්ට පහසුකම් සහිත ආකර්ෂණීය ස්ථාන බවට පත්කිරීමේ වැඩසටහනක් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවා තිබේ.
මෙම වැඩ පිළිවෙලේ මුල් අදියර යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ වේයන්ගොඩ, රාගම, ගම්පහ සහ මීරිගම දුම්රිය ස්ථාන නවීකරණය කිරීමේ වැඩකටයුතු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම දුම්රිය ස්ථානයන්හිදී ආරම්භ විය.
පූජ්‍ය පක්ෂය, ආබාධිත පුද්ගලයින්, වැඩිහිටියන්ට මෙන්ම සංචාරකයින්ට අපහසුතාවකින් තොරව පහසුකම් ලබාගත හැකි අයුරින් දැකුම්කළු ස්ථාන බවට දුම්රිය ස්ථාන සංවර්ධනය කිරීම මෙහි අරමුණ බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.