හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර ඊයේ (පොහෝදින) වීදි සංචාරය කළ අතර, පෙරහර අදත් (15දා) වීදි සංචාරය කිරීමට නියමිතය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යන මහත්වරු සධාතුක කරඬුව, කැලණියේ කණ්ඩුල හස්තියා මත තැබීමෙන් පසු පෙරහර විදී සංචාරය කිරීම ආරම්භ කෙරිණි.
කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක ගංගාරාම විහාරාධිපති අතිපූජ්‍ය ගල්බොඩ ඥාණිස්සර නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පෙරහර සංවිධානය කෙරිණි.
මෙවර පෙරහර අලි ඇතුන් 72 දෙනකුගෙන් සමන්විත වූ අතර, පාරම්පරික නර්තනයන් හා වාදනයන්ගෙන් පෙරහර කොලොම් පුරය අසිරිමත් කළේය.
ඡායාරූප - ශමීර රාජපක්ෂ