ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 30 වන බදාදා
අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ගංවතුර ක්‍රමයෙන් බැස යමින් පරිසරය සාමාන්‍ය තත්ත්වයට හැරෙමින් පවතී. මේ වනවිට පීඩාවට පත්වූ බොහෝ ප්‍රදේශ තුළ නිවෙස් ආදිය පිරිසුදු කරමින් යළි යථා තත්ත්වයට පත්වීමට ජනතාව උත්සාහ කරමින් සිටිති. කරුණු මෙසේ පැවතියදී අපි කොලොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ තත්ත්වය කෙසේදැයි විමසුමට ලක්කළෙමු.
මීතොටමුල්ල කුණු කන්ද පිළිබඳ නොදැන එන්නෙකුට එය පහසුවෙන් දැනගත හැකි ආකාරයේ දැඩි දුඟදක් ප්‍රදේශය පුරා හමා යයි. නමුත් වෙනදා මෙන් නොව මීතොටමුල්ල ප්‍රදේශයට ආසන්න වනවිටම දැඩි දුර්ගන්ධයක් වහනය විය. කුණු කන්ද පිහිටි ගම්මානයට ළඟා වනවිට නාසය ආවරණය කරගෙන හෝ අතින් වසාගෙන සිටින මිනිසුන් වෙත අපේ නෙත් යොමුවිය.
පැවති ගංවතුර හේතුවෙන් මීතොටමුල්ල ආශ්රිත ප්‍රදේශයම අඩි පහකට වඩා යටවී තිබුණි. කුණු කන්ද පිහිටි ප්‍රදේශයේ නිවෙස් යට වූයේ ජලයෙන් පමණක් නොවෙයි. කුණු මිශ්‍ර වූ ඉතා තද කළු පැහැති දැඩි දුඟද හමන ජලයෙනි.එම ප්‍රදේශයේ ජලය බැස ගියද තවමත් නිවෙස් තුළින් ජලය ඉවත් වී නැත. කුණු මිශ්‍ර වූ ජලය නිසාම ලෙඩ රෝග ඇතිවීමේ දැවැන්ත අවදානමක්ද මතුව තිබේ. ක
පුටන්, මැස්සන් ගහනව සිටි මීතොටමුල්ලට දැන් මදුරුවන් පමණක් නොව පණුවන්ද ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබේ. මෙම කුණු කන්ද ආශ්‍රිතව නිවෙස් පිරිසුදු කරගැනීමට ගම්වාසීන්ට පමණක් තනිව සිදුකළ නොහැකි දෙයකි. ඒ සඳහා රජයේ දායකත්වයද ලැබිය යුතුමය. එමෙන්ම මෙම ප්‍රදේශයේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරනා මෙම කුණු කන්ද වහාම ඉවත් කිරීමට බලධාරීන් දැන්වත් පියවර ගත යුතුය.
popular news
මට සාධාරණයක් ඉටුවෙයිද කියා ගැටලුවක් තිබෙනවා
දේශබන්දු මුදාහරියි, අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කරන්නැයි කියයි
දිනපතා ඉගෙන ගත්ත දේ නැවත පාඩම් කළා - ජෛව පද්ධති තාක්ෂණවේදයේ පළමුවැනියා
පොන්නන් සංගර් නාට්‍ය දැක්මට ගිය පියා අඩි 60ක උසකින් වැටී ජීවිතක්ෂයට
රුවන්වැලිසෑයට ප්‍රහාරයක් එල්ලවන බවට 119ට ඇමතුමක්
14 හැවැරිදි සූර්යවංශි අයි.පි.එල්. පිටිය කනපිට පෙරළයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd