කොස්වත්ත ප්‍රදේශයේ පරණ ද්‍රව්‍ය එකතු කරන කඩයක සිඳු වූ ගින්නට හේතුව එම කඩයේ තිබූ ගෑස් සිලින්ඩරයකින් සිදු වූ ගෑස් කාන්දුවක් බව අනාවරණය කරගෙන තිබේ. කොස්වත්ත ඉන්ධන හළ ඇතිවූ ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන හමුදාවේද සහාය ලැබී තිබේ.
ගින්න හේතුවෙන් කඩයට විශාල හානියක් සිදු වී ඇති අතර එයින් පිටවූ දුම් ප්‍රදේශය පුරා පැතිර ගොස් තිබුණි. ගින්න නිවීමට උත්සාහ කළ කඩ හිමියාද ගින්නට හසුවී ඇති අතර පසුව ඔහු රෝහල ගත කොට ඇත.