ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර මේ දිනවල පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ සමාරම්භක උත්සවය ඉලක්ක කරමින් ලන්ඩනයේ කොටි ඩයස්පෝරාව සංවිධානය කළ ශ්‍රී ලංකා විරෝධී රැලිය කොටි හිතවාදීන් සුළු පිරිසකගේ සහභාගීත්වය හේතුවෙන් අසාර්ථක විය.
එහෙත් ඔවුන් මුළු ග්ලාස්ගෝ නගරය පුරා සැරිසරමින් ශ්‍රී ලංකා විරෝධී අත්පත්‍රිකා බෙදමින්, සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් සහ අනෙකුත් විවිධ ක්‍රියාවල යෙදෙමින් යකා නටා තිබිණි.
ශ්‍රී ලංකා විරෝධී වීදි නාට්‍ය පෙන්වමින් රාජපක්ෂ ජනාධිපතිවරයාත්, දෙවැනි එළිසබෙත් මහ රැජිනත් උපහාසයට ලක්කළ ඔවුහු මෙමගින් ස්කොට්ලන්ත ජනතාවගේ මෙන්ම ක්‍රීඩා උලෙළට සහභාගී වූ පොදුරාජ්‍ය මණ්ඩල රටවල ජනතාවගේත්, ලෝක ජනමාධ්‍යවලත් අවධානය දිනාගැනීමට ප්‍රබල උත්සාහයක නිරත වූහ.
ජනක අලහප්පෙරුම ලන්ඩනයේ සිට