පොල්ගහවෙල සිට මොරටුව බලා සතියේ දිනවල ධාවනය වන කාර්යාල දුම්රියේ ඉදිරිපස එංජිම කොටස අද (23දා) ගැලවී ගියේය. කැළණිය හා වනවාසල දුම්රිය ස්ථාන අතරමැද කැලණිය දුම්රිය ස්ථානය ආසන්නයේදී උදෑසන 8.00ට පමණ මෙය සිදුවිය. දුම්රිය දෙකකින් සම්බන්ධ කර ඇති දුම්රියේ ඉදිරිපස කොටස ගැලවී නොනවත්වා ඉදිරියට ධාවනය වී ඇති අතර, පසුපස කොටස දුම්රිය මාර්ගයේ නැවතී තිබේ.
දුම්රිය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පැයකට ආසන්න කාලයක් ගතවී ඇති අතර, ඒ හේතුවෙන් දුම්රිය මගීන් විශාල සංඛ්‍යාවකගේ දෛනික කටයුතු අඩාළ විය. මීට අමතරව මේ හේතුවෙන් වත්තල සිට කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයට පිවිසෙන අතුරු මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වූ අතර, ඒ හරහා ගමන් කළ වාහනවලට හා පදිකයන්ට අපහසුතා රැසකට මුහුණදීමට සිදුවිය.