සිංහල සිරිතට මුල්තැන දෙමින් පවුලේ ඥාති මිත්‍රාදීන් සමගින් සිය නිවසේ සිට අලුත් අවුරුද්ද සමරන ජනාධිපතිවරයා මෙවරද තංගල්ල කාල්ටන් නිවසේ සිට ඊයේ (14දා) අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කළේය.
නැකතට ලිපි ගිනි දල්වා චාරිත්‍ර ඉටු කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ලුතිනන් යෝෂිත රාජපක්ෂ, රෝහිත රාජපක්ෂ යන මහත්වරු ඇතුළු රාජපක්ෂ පවුලේ අනෙකුත් ඥාතීහු එක්ව චාරිත්‍රවල නිරත වූහ.
ඡායාරූප ජනපති මාධ්‍ය අංශය