රත්නපුර පොලීසියේ පොලිස් නිලධාරියෙකු සිදුකළ පහරදීමට එරෙහිව රුපියල් කෝටි 05ක වන්දි මුදලක් ඉල්ලා අද (03දා) ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව රත්නපුර නගරයේදී පොලිස් නිලධාරියෙකුගෙන් පහර කෑමට ලක්වූ වීරසිංහ ආරච්චිලාගේ කාන්තිලතා මහත්මිය සඳහන් කළාය.
මේ පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සහ රත්නපුර පොලීසියේ ස්ථානාධිපතිවරයා නම් කළ බවද, මීට අමතරව අද දිනයේදී රුපියල් කෝටි 05 ක් පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලබාදෙන ලෙස ඉල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවද ඇය පැවසුවාය.