මේ කල්පිටිය අර්ධද්වීපය දෙස්විදෙස් සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යන සමයයි. කල්පිටියේ සුන්දර දසුන් නැරඹීම සඳහා ලොව නන්දෙසින් පැමිණෙන සංචාරකයන් සේම, දේශීය සංචාරකයන් ඇලුම් කරන ශ්‍රී ලංකාවේ විශාලතම කොරල්පරය, ඩොල්ෆින් මත්ස්‍යයන්, තල්මසුන් ඇතුළු දූපත් 16 ක්ද කල්පිටියේදී නැරඹිය හැකිය.
ජනවාරි මාසයේ සිට දහස් ගණනින් ඩොල්ෆින් මත්ස්‍යයන් කල්පිටි මුහුදට පැමිණෙන අතර, එය අප්‍රේල් මස අවසානය දක්වා සීමා වී තිබෙන්නේ එයින් පසු සයුර රළු වීම නිසාවෙනි.