කල්පිටිය සංචාරක කලාපයේ අතිශයින්ම ආකර්ෂණීය සාධකයක් වූ කල්පිටි වල් බූරුවෝ වඳවීමේ තර්ජනයට ලක්ව ඇතැයි වාර්තාවේ. එදා කල්පිටිය අර්ධද්විපය පුරා දැකිය හැකි වූ විශාල බූරු රංචු මේ වනවිට දැකි නොහැකි අතර, තුන් හතරදෙනා වශයෙන් වූ කුඩා බූරු රංචු දැකිය හැක්කේය.
කල්පිටිය කන්ද කුලියේ ග්‍රාම ආරක්ෂක කඳවුරු බිම, ගුවන් හමුදා වෙඩි පිටිය , නොරොච්චෝල බලාගාරය, ඉස්සන් පොකුණු ව්‍යාපෘතීන්, සංචාරක හෝටල් සහ රජයේ ඉඩම් කොල්ලයන්, බූරුවන්ට සිය නිදහස් බිම් කඩ අහිමි කර තිබේ.