අනාගතයේ රට භාරගැනීමට සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සහායට එක්සත් ජාතික පක්ෂයේ පස් දෙනෙකු ජෝති උපහාර උලෙළට කැඳවාගෙන පැමිණි බව මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා පැවසීය.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පෙරේදා (09දා) රාත්‍රීයේ පැවති "ජෝති සිරියාමේ සාරා" ගී ප්රසංගයේදී අමාත්‍යවරයා මේ බව පැවසූවේ එයට සහභාගී වූ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බුද්ධික පතිරණ, රවී කරුණානායක, පාලිත රංගේ බණ්ඩාර, ගයන්න කරුණාතිලක සහ අශෝක අබේසිංහ යන මහත්වරු පෙන්වමිනි.
ඡායාරූප - ඉසුරු පෙරේරා