මංගල සමරවීර ආණ්ඩුවට යයිද? නොයයිද? කියන ප්රශ්නෙ බොහෝ දෙනෙක් අතර තිබුණා. මංගල සජිත්ට කැමති නැති නිසා එ.ජා.පයෙන් යන්න හදනවා කියලත් කතා වුණා. අන්තිමට මංගල තීරණය වෙනස් කරලා ඊයේ පිවිතුරු හෙටක් වේදිකාවට සජිත්, රනිල් සහ කරු සමග ගොඩවුණා. එතැනදී සජිත් - මංගල අතට අත දෙද්දී විපක්ෂ නායකවරයා නැගිටලා යන්න හදන්නේ 'දැන් වැඩේ හරි කට්ටියම පොදු අපේක්ෂකයාට සහාය දෙමු' කියන්න වගේ.