අද උඳුවප් පොහොය දිනයයි. මෙම වර්ෂයෙහි අවසන් පොහොය දිනයද මෙයයි. උඳුවප් පොහොය තුළ ශාසනික වශයෙන් ඉතා වැදගත් සිදුවීම් රැසක් සිදුවී තිබේ. මිහිඳු මා හිමියන්ගේ උපදෙස් මත දෙවනපෑතිස් රජතුමා විසින් අරිට්ඨ ඇමැති ප්‍රධාන දූත පිරිස අශෝක අධිරාජ්‍යයා වෙත යවා සංඝමිත්තා රහත් තෙරණිය ලක්දිවට වැඩමවා ගත්තේ උඳුවප් පුර පසොළොස්වක පොහෝ දිනකය.
සංඝමිත්තා තෙරණිය දඹදිව පිහිටි ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රැගෙන ශ්‍රී ලංකාවට වැඩම වූ අතර, දේවානම්පියතිස්ස රජතුමා විසින් මහත් හරසරින් පිළිගෙන පෙරහරින් අනුරාධපුරයට වැඩමවා මහමෙවුනා උයනේ රෝපණය කරන ලදී. සංඝමිත්තා තෙරණිය සමග බෝධි ආරක්ෂක අටළොස් කුලයකට අයත් අය පැමිණි බව වංශකතාවල සඳහන් කරයි. ශ්‍රී ලංකාව තුළ භික්ෂූණී සමාජය ආරම්භ වූයේද අද වැනි දිනක සංඝමිත්තා තෙරණියගේ මූලිකත්වයෙනි.අසිරිමත් සිරිපා වන්දනා සමය ආරම්භ වන්නේද මෙම පොහොයත් සමගය.
සිතුවම - සෙනරත් ධර්මතිලක