ඇල්පිටිය බටුවන්හේන රතනසිරි රාජකීය විදුහලේ ගුරුවරියකට පාසල තුළදී පහරදුන් බව කියන ප්රාදේශීය සභා මන්ත්රීවරයෙකු ඇතුළු මැරයින් කණ්ඩායම තවමත් නිදැල්ලේ සිටින බවත් ඔවුන් වහාම අත්අඩංගුවට ගන්නැයි විදුහලේ ගුරු මව්පියෝ ඊයේ (28දා) උදේ පාසල ඉදිරිපිට සාමකාමී විරෝධතාවක නියලූණහ.
උදේ 8.30ට පමණ ආරම්භ වූ විරෝධතාව පැයක පමණ කාලයක් පැවැත්විණි. ඇල්පිටිය අලුත්ගම ප්රධාන මාර්ගයේ පාසල් තාප්පය අසල එක පෙළට ගුරුවරුන්ගේ විරෝධතාව පැවති අතර මාර්ගයේ අනෙක් පස දරුවන්ගේ මව්පියන් රැඳී සිටිමින් ගුරුවරියට පහර දුන් මැරයන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් විරෝධතා කළහ. ඔවුන් අතර දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්රී අජිත් ප්රසන්න මහතාද විය.
ඇත්කඳුර ජනත් ද සිල්වා