ඇමෙරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දෙයි.
ඇමෙරිකානු අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේදී ට්‍රම්ප් දිවුරුම්දීම සිදුකළ අතර, මෙලානියා ට්‍රම්ප් විසින් අතින් ගෙන සිටි බයිබලයන් මත අත තබමින් ට්‍රම්ප් ඇමෙරිකාවේ සුක්ඛානම භාරගනු ලැබීය.
එමෙන්ම, ඇමෙරිකාවේ නව උප ජනාධිපතිවරයා ලෙස මයික් පෙන්ස්ගේ දිවුරුම්දීමද සිදුවූ අතර, එහිදී ඔහුගේ බිරිඳ කැරන් ඔහු වෙනුවෙන් බයිබලය අත දරමින් සිටියාය.
මේ සුවිශේෂී මොහොතට සහභාගී වීම සඳහා ඇමෙරිකානු කැපිටල් ගොඩනැගිල්ල වෙත හිටපු ජනපති බරැක් ඔබාමා හා ආර්යාව වන මිෂෙල් ඔබාමා මෙන්ම, තවත් ඇමෙරිකානු ජනාධිපතිවරුන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.
මෙම අවස්ථාවට විශාල ජනකායක් නොඑන බව ට්‍රම්ප්ට එරෙහි මාධ්‍ය විසින් දිගින් දිගටම පවසා සිටියත්, අවසානයේදී ට්‍රම්ප් ජාතිය අමතන විට මහා ජන ගංගාවක් ඒ වෙත පැමිණ සිටින ආකාරය විදෙස් මාධ්‍ය හරහාම දැකගත හැකිවිය.

.jpg)
.jpg)
.jpg)
.jpg)