සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් ඉදිරියේදී අටමස්ථානාධිපති හිමියන් ප්රමුඛ අටමස්ථානයට අයත් විහාරස්ථානයන්හි, විහාරාධිපති ස්වාමීන් වහන්සේලාගේ අදහස් හා උපදෙස් ලබාගන්නා බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.
අනුරාධපුරයේ ඊයේ (23දා) සංචාරය කිරීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
සියධුරයේ වැඩ බාර ගැනීමෙන් පසුව අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධියේ ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව සඳහිරු සෑයේ ඉදිකිරීම් නිරීක්ෂණය කිරීම සඳහා එක්විය.