ජාතික ආදායමෙන් අධ්‍යාපනයට 06% ක් වෙන්කිරීම, පර්යේෂණ දීමනාව වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් තුම්මුල්ල මංසන්ධියේදී අද පෙරවරුවේ නිහඬ විරෝධතාවක් පැවැත්වූ අතර, ඒ සඳහා කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර, කැලණිය, මොරටුව, සෞන්දර්ය කලා සහ විවෘත විශ්වවිද්‍යාල නියෝජනය කරමින් ආචාර්වරු එක්ව සිටියහ.
විශ්වවිද්‍යාල ආචාර්වරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති චන්ද්‍රගුප්ත තේනුවර, ලේකම් මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු, හිටපු සභාපති නිර්මාල් රංජිත් දේවසිරි යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු