2016 වසර සඳහා වන අයවැය වැඩිඡන්ද 109කින් පාර්ලිමේන්තුවේදි සම්මතවිය. අයවැයට පක්ෂව ඡන්ද 160ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 51ක් ලැබුණි. ඡන්දය විමසන අවස්ථාවේදි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, විමිල් විරවංශ, ගිතා කුමාරසිංහ, මනූෂ නානායක්කාර ඇතුළු පිරිසක් පාර්ලිමේන්තුවට පැමිණ නොසිටියහ.