වාකරේ ප්‍රදේශයේ වළක වැටී සිටි වලස් පැටවුන් දෙදෙනෙකු අම්පාර වනජීවී සෞඛ්‍ය සංරක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් බේරාගෙන අම්පාර වනජීවී සෞඛ්‍ය සංරක්ෂණ ඒකකය වෙත ගෙනැවිත් ඇත.
වැලහින්න සමගින් ගමන් කරමින් සිටියදී තිදෙනාම වළක වැටී සිටි අතර දින කිපයක් ගිය නිසා වැලහින්න මියගොස් ඇත.
මෙම වලස් පැටවුන් දෙදෙනාට අමතරව විවිධ ආබාධිත තත්වයවට පත් සතුන්ට මෙම ස්ථානයේදී ප්‍රතිකාර ලබාදී පසුව වනජීවි වනාන්තරවලට මුදාහැරීමට අම්පාර වනජීවී සෞඛ්‍ය සංරක්ෂණ ඒකකය කටයුතු කරයි.