පසුගිය දින මහනුවර ප්‍රදේශයේ ඇතිවූ තත්ත්වයට විරෝධය පාමින් අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරෙයිපත්තුව, අට්ඨාලචේන, කල්මුනේ, සයින්දමර්දු යන ප්‍රදේශවල හර්තාල් ව්‍යාපාරයක් දියත් කරනු ලැබීය.
මෙම හර්තාල් ව්‍යාපාරය නිසා කඩ සාප්පු වසා දමා තිබුණු අතර රජයේ පාසල් සහ කාර්යාලද වසා දමා තිබිණ. රාජ්‍ය බැංකු මෙන්ම පෞද්ගලික බැංකුද වසා දමා තිබූ අතර, ගමනාගමනයද ඇන හිටි තිබිණි.
කල්මුනේ ප්‍රදේශයේ මාර්ගවල ටයර් දමා ගිනි තබා තිබූ අතර, පොලීසිය මැදිහත්ව ඒවා ඉවත් කරනු ලැබීය.
අට්ඨාලචේන ගුරු විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන ගුරු සිසුන් එයින් ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළේය. ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාවද යොදා තිබේ.
ඒ හැරෙන්නට දිස්ත්‍රික්කය පුරා සාමකාමී වාතාවරණයක් පවතින බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
අම්පාර වසන්ත චන්ද්‍රපාල/ ජවුෆර් ඛාන්