(UPDATE) අනුරාධපුර මහ රෝහලේ මහල් 6කින් යුත් ගොඩනැගිල්ලේ මහාචාර්ය ඒකකය තුළ අද අළුයමහටගැනුණු ගින්න මේ වන විට මැඩපවත්වා තිබේ. කෙසේ වෙතත් රෝගීන්ට ප්රතිකාර කෙරෙන MRI ස්කෑන් යන්ත්රයට බරපතල හානි සිදුව ඇති බවට වාර්තා වෙයි.
එය කෝටි 25ක් වටිනා යන්ත්රයකි. අනුරාධපුර ගිනි නිවීම් ඒකකය, රෝහල් කාර්ය මණ්ඩලය, පොලිසිය හා ගුවන් හමුදාව එක්ව ගින්න මැඩපවත්වා තිබෙන අතර කෙසේවෙතත් ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරුකර නැත.
බී.ජී. චතුරංග/ තිසර සමල්