ජනාධිපතිතුමාගේ අතෙහි නිතරම ඇති ‘කුන්තයට’ (හෝ එවැනි) සමාන කුන්තයක් දැන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ අතෙත් තියනවා. මෙයින් ජනතා ආකර්ෂණය ලැබෙන බව තමයි වැඩි දෙනෙක් කියන්නේ. ගාල්ලේ ඉඳලා මාතරට ආව අනර්කලී ආකර්ශා මෙනවියටත් මාතර දිනන්න දැඩි ආකර්ෂණයක් අවශ්‍යයි. තමන්ගේම පක්ෂයේ අපේක්ෂකයන්ගෙන් පවා කෙනෙහිලිකම් වෙද්දී ජනතා ආකර්ෂණය වැඩි කර ගන්න අනර්කලී, නාමල් මන්ත්‍රීතුමා අතේ තියන ජය කුන්තෙ ඉල්ලුවාද දන්නෙ නැහැ. මාතර පැවති අනර්කලී මෙනවියගේ රුස්වීමකදී මේ ඡායාරූප ගනු ලැබුවා.
මාතර සෙව්වන්දි පත්තුවේආරච්චි